පොහොට්ටු ආණ්ඩුව අවුරුදු 10කට හොල්ලන්න බෑ! ජනතාව ආණ්ඩුව ගැන හරිම පැහැදීමෙන් ඉන්නේ! – ජෝන්ගෙන් අනාවැකියක්…

September 4, 2020 at 9:02 am | by emanisa.lk

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව වසර දහයකටවත් සෙලවිය නොහැකි බව විශ්වාස යැයි එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු ඇමැති ජෝන් අමරතුංග පවසයි.

විශාල පිරිසකට රැකියා ලබාදෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව සිදුකරන සේවාවත් ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගත් නිසා රටවැසියන් පැහැදීමෙන් සිටින නිසා ආණ්ඩුව තව වසර දහයකින්වත් සෙලවිය නොහැකි යැයි හැඟෙන බව ජෝන් අමරතුංග පැවසීය.

යහපාලන ආණ්ඩුව එදා ජනතාවගේ ප‍්‍රශ්න ගැන සොයා බලා කැපවීමෙන් කටයුතු කළා නම් එක්සත් ජාතික පක්‍ෂය අද මෙම තත්ත්වයට පත්වෙන්නේ නැතැයි ද හෙතෙම කීවේය.

යහපාලන ආණ්ඩුව තරුණයන්ට රැකියාවක් හෝ ලබාදීමට අපොහොසත් වූ බවත් වත්මන් ආණ්ඩුව රැකියා ලක්‍ෂ ගණනක් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ජෝන් අමරතුංග සඳහන් කළේය. එජාපය එදා කළ වැරදිවලට අද වන්දි ගෙවන බව ද ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස