පිළියන්දල Lock Down අයින් කළේ මමත් නොදැනයි….! මෙහෙම ගියොත් මිනිස්සු ගෙවල්වල මැරෙයි….! – කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී…

May 3, 2021 at 9:27 pm | by emanisa.lk

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට ඊයේ (02) උදේ ගත් තීන්දුව තම අනුදැනුමකින් තොරව හවස වෙනස් කර ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර පවසයි.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කර තිබේ.

“මගේ දැනුවත් වීමකින් තොරව තමයි එම සීමාවන් අයින් කරේ. දැනටත් මගේ ඉල්ලීම විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමෙන් පමණයි අපි බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන්නේ.

අපිට පෙනෙන රෝගීන් සංඛ්‍යාව අනුව තමයි හුදකලා කිරීම් කරලා තියෙන්නේ. නමුත් වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරමින් මේ වන විටත් ඉන්නවා. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටිනවා.

සුවසැරිය ගිලන් රථයට මේ සියලු රෝගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නෑ. රෝගියෙක් සොයා ගත්තත් පැය ගණන් රෝගීන්ට බලා සිටීමට සිදුවෙනවා. ඒ නිසා රෝගීන් නිවෙස් තුළ මියයෑමේ හැකියාවක් පවතිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස