පිළිකා රෝහලේ බෙහෙත් නැති වුණාට කමක් නෑ! ඡන්දේ කාලේ ඒ ගැන කට හොල්ලන්න එපා! – රාජිත ඖෂධ හිඟයට දුන් විසඳුම මෙන්න……..

December 1, 2019 at 5:48 pm | by emanisa.lk

“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක අද(01) පැවැසීය.

සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම්දෙන්නැයි උපදෙස් ලබාදී ඇති බව අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

මේ වනවිටත් රෝහලේ පවතින ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

රෝහලේ වසර 19ක සේවා කාලයක් සපුරා ඇති තමන් මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවද ඔහු කීවේය.

හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස