පිරමිඩ ජාවාරම තවත් බිල්ලක් ගනී…! ගුරුවරයා සිය දිවි නසා ගනී…!

July 4, 2023 at 10:23 am | by emanisa.lk

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු සිය දිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වළස්මුල්ල පල්ලෙකන්ද උතුර කණුමුල්දෙණිය විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ශ්‍රීනාත් දර්ශන (38) නමැති දෙදරු පියකු බව වළස්මුල්ල පොලීසිය පවසයි.

මෙම ගුරුවරයා ඉකුත් 01 වැනිදා සිට අතුරුදන්ව සිට ඇති අතර විදුහල්පතිවරයා ඔහු පිළිබඳව සොයා බැලීමේදී ඔහුගේ සිරුර ක්‍රීඩා කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබිය දී හමුව ඇත. ඔහු මිය යාමට පෙර ඔහු සිය දිවි නසාගන්නා බවට රතු පෑනකින් ලියූ ලිපියක් ද හමු වූ බව පොලීසිය කියයි.

මෙම ගුරුවරයා ආකර්ෂණීය පොලියක් වෙනුවෙන් නීති විරෝධී පිරමීඩ ජාවාරමක විශාල මුදලක් ආයෝජනය කර ඇති අතර, එම මුදල නොලැබීම නිසා ඇති වූ සිත්තැවුලක් මත මෙලෙස සිය දිවි නසාගන්නට ඇතැයි පොලීසිය සැක කරයි. මසකට පමණ පෙර ඔහු ඒ පිළිබඳ ඉඟියක් සිය මිතුරෙකුට ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *