පෑඩ් බද්ද විපක්ෂයේ තවත් බොරුවක්! යහපාලන පෑඩ් බදු හැර කිසිම බද්දක් නෑ!

November 24, 2020 at 10:22 pm | by emanisa.lk

සමගි ජන බලවේගය චෝදනා කරන ආකාරයට ආනයනිත සනීපාරක්ෂක තුවා මත නව බද්දක් පනවා නැතැයි ඇමැති කාංචන විජේසේකර පවසයි.

ට්විටර් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් පැවති 30%ක ආනයන බද්ද නව බදු ක්‍රමය යටතේ ආනයන බදු සහ සෙස් බදු ලෙස කොටස් දෙකකට අය කිරීම පමණක් සිදු වූ බවයි.

අනුව සනීපාරක්ෂක උපාංග මත ආනයන බද්ද 15%ක් ද සෙස් බද්ද 15%ක් ද පනවා ඇති අතර පෙර පැවති බද්ද වන 30%හි කිසිම වැඩි කිරීමක් සිදුකර නොමැත.

2019 වසරේ සනීපාරක්ෂක උපාංග බදු ලෙස මිලියන 140ක් අයකර ඇති බව පෙන්වා දෙන ඇමැතිවරයා දේශීය නිෂ්පාදන අධෛර්යමත් නොවන ආකාරයට දේශීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන වියදම අවම වන ආකාරයට එම බදු ප්‍රමාණය ද අඩු කිරීමට ඉදිරියේ දී යෝජනා කරන බව ද ඔහු අවධාරණය කරයි.

කෙසේ වුවද සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න, තිස්ස අත්තනායක ඇතුළු කණ්ඩායම් සනීපාරක්ෂක තුවා මත නව බද්දක් පනවා ඇතැයි ආණ්ඩුවට දැඩි ලෙස චෝදනා කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *