පාස්කු බෝම්බකරුවන්ගේ සොහොයුරා බන්ධනාගාර අධිකාරිටත් අල්ලස් දෙන්න හදයි…! කපුකම් කළ ජේලර්ගේ වැඩ තහනම්…!

March 8, 2021 at 9:55 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකු සහ තවත් දෙදෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ දරා තිබේ.

ඔවුන් බන්ධනාගාරයේ අධිකාරිවරයාට රුපියල් ලක්ෂ 05ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට උත්සහ කර තිබේ. ඒ දුරකතන ඇතුළු තවත් පහසුකම් ලබා ගැනීම වෙනුවෙනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඉජාස් අහමඩ් නමැත්තා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට අල්ලස් මුලදක් ලබාදීමට තැත් කර තිබේ.

මෙම ක්‍රියාවට අතරමැදියෙකු ලෙස ක්‍රියාකළ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ ය.

ඉජාස් අහමඩ් යනු පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ ඊබ්‍රාහිම් සහෝදරයින් දෙදෙනාගේ සොහොයුරා ය.

පාස්කු ප්‍රහාරය සිදු වූ දිනයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ ඊබ්‍රාහිම් පවුලේ නිවසට පැමිණෙන ශැංග්‍රිලා බෝමබකරු මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් නිවසේ ගේට්ටුව විවෘත කර පිවිසීමට අවස්ථාව ලබා දෙන්නේ මොහු විසින් බව CCTV දර්ශනවලින් තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *