පාස්කු බෝමබ කමිටුව ළඟ දණින් නොවැටුණු ඔබ රටටම ආඩම්බරයක්! රාජ්‍ය පරිපාලන ලේකම්ට දසතින් හරසර!

June 14, 2019 at 2:57 pm | by emanisa.lk

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඊයේ (14) කැඳවා තිබිණි. එහිදී ලේකම්වරයා ඉතාම ඍජුව අවංකව තර්කානුකූලව මෙන්ම මනා සංයමයෙන් යුතුව අදහස් දැක්වීම බොහෝ පාර්ශවවල ඇගයිමට ලක් වූ අතර කමිටුවේ හැසිරීම විවේචනයට ලක්විය. ලේකම්වරයාගේ අදීන හැසිරීම ඇගයීමට ලක්කරමින් ජාතික විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමය නිකුත් කළ සම්පුර්ණ ලිපිය පහත දැක් වේ.

ජේ.ජේ. රත්නසිරි මහතා,
ගරු ලේකම්,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ,
නිදහස් චතුරශ්‍රය,
කොළඹ 7.

ගරු ලේකම්තුමනි,

පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ පෙන්වූ අදීනත්වය ඇගයීම

අද උදෑසන දුරකථන මාර්ගයෙන් වාචිකව කරන ලද ඇගැයීමට අතිරේක වශයෙන් ඔබතුමන් වෙත ලිඛිත ඇගැයීමක් ලැබෙන්නට සලස්වන මෙන් අප සාමාජිකත්වය කරන ලද ඉල්ලීම සලකා බලා මෙම ලිපිය යොමු කරන්නට අදහස් කළෙමු.

පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී ඔබතුමන් දක්වන ලද ඍජු බව, නිර්භීත බව සහ අදීන බව ශ්‍රී ලාංකිකයන් වශයෙනුත්, මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන ආචාර්යවරු වශයෙනුත් අපගේ ගෞරව බහුමානයට ලක්වේ.

විශේෂ වශයෙන් යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මතුකළ අසංවර, අතාර්කික කරුණු හමුවේ ඔබ දැක්වූ සංයමය, පරිචය සහ අදීනත්වය සමස්ත රාජ්‍ය සේවයටම අභිමානයක් ලෙස අපි දකින්නෙමු.

ඉදිරි කාලයේ ද රටත් ජනතාවත් වෙනුවෙන් අපක්ෂපාතී රාජ්‍ය සේවයක නියැලීමට ඔබතුමන්ට ධෛර්යය, ශක්තිය ලැබේවායි සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නෙමු.

තෙරුවන් සරණයි,

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන්,

මහාචාර්ය චන්න ජයසුමන
මහ ලේකම්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *