පාස්කු ප්‍රහාරය රටේ ආර්ථිකයේ කඳ හරහා වදී! කල්පිටියේ සංචාරක හොටෙල් 100ක් පාළුවට යයි!

May 16, 2019 at 5:42 pm | by admin

පාස්කු ප්‍රහාරයත් සමග රටේ සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම වාගේ බිඳ වැටී ඇති අතර එහි බලපෑම කල්පිටිය අර්ධද්වීපයේ සංචාරක කර්මාන්තයට ඉතාම දැඩි ලෙස බලපා ඇති බව වාර්තා වෙයි.

මේ නිසා මේ කාලයට වෙනත් අවුරුදුවල සංචාරක පාරාදීසයක් වන කල්පිටිය පාළුවට ගොස් ඇත. කයිට් සර්ෆින් සහ ඩොල්ෆින් මසුන් දැක බලා ගැනිමට මෙවර සංචාරකයන් පැමිණ නැත. එහෙත් ත්‍රස්ත ප්‍රහාරය සමග සංචාරකයන් පැමිණීම දැඩි ලෙස අඩු වී ඇති නිසා කල්පිටිය අර්ධද්වීපයේ සංචාරක හොටෙල් 100ක පමණ කාමර හිස්ව ඇත.

සංචාරක හොටෙල් හිමියන්ට සිය සේවක පිරිස පවා නඩත්තු කරගත නොහැකිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *