පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල වෙනවා…! ඉතාලි හූවෙන් ප්‍රහාරකයා කවුද කියල පැහැදිලියි…! – යහපාලන ඇමැති…

September 16, 2021 at 1:34 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ ආණ්ඩුවට විශාල විවේචන එල්ල වෙමින් ඇතැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

පසුගිය සමයේ සිංහ කොඩි දමා මෙරට නායකත්වය පිළිගත් දේශප්‍රේමී ලාංකිකයින් මෙදා අගමැතිවරයා පිළිගත්තේ හූ තබමින් බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අගමැතිවරයාට එරෙහිව 200ක් පමණ කළු කොඩි ඔසවා හූ තබමින් විරෝධය පාද්දි තානාපති කාර්යාල සේවකයින් විය හැකි 20ක පමණ පිරිසක් අගමැතිවරයාට ජය වේවා යැයි කී ගැසූ බව ද හෙතෙම සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ලොව පුරා ලාංකිකයින් අතර ඇති මතය මෙමගින් පිළිබිඹු වන බවත් ඉදිරියේ දී ලංකාවේ රාජ්‍ය නායකයා යන ස්ථානවල ජාතික ගීය වෙනුවට හූ තබා පිළිගැනීම සිදුවනු ඇති බවත් සරත් ෆොන්සේකා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස