පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතිපති මිස කාදිනල්ට තීන්දු කරන්න බෑ…! – දයාසිරි…

October 24, 2021 at 10:36 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් ඒ සඳහා පැහැදිලි සාක්ෂි තිබිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

කොමසම් සභා වාර්තාවේ එවැනි කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි දැයි සොයා බලන ලෙස පමණක් එහි ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

එය කළ යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බවත් කාදිනල්තුමාට හෝ වෙන කිසිවෙකුට එය තීන්දු කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

මුස්ලිම් මවුලවිලා සමඟ බුරියානි කෑ කොමිසම් සභාවේ තීන්දු පිළිබඳ තමන්ට ගැටලුවක් ඇති බවත් දයාසිරි ජයසේකර කීවේය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයි මැල්කම් කාදිනල් අගරදගුරුතුමා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස