පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ටත් බරපතළයි!

May 14, 2019 at 8:40 pm | by admin

පාස්කු ඉරිදි ත්‍රස්ත ප්‍රහාරය සමග පිටකොටුවේ මුස්ලිම් තොග වෙළෙඳ ව්‍යාපාරවලට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි. පාස්කු ප්‍රහාරයට පසු කොළඹ තොග කඩවලින් භාණ්ඩ තොග රැගෙන යාමට පැමිණෙන වෙළෙඳුන් අඩු වීමත්, පැමිණෙන පිරිස ද දෙමළ සහ සිංහල තොග කඩ වෙත පමණක් යාමක් නිසා මෙම ගැටලුව නිර්මාණය වී තිබේ.

මේ නිසා වෙසක් උත්සවය වෙනුවෙන් ආනයනය කළ විදුලි බල්බ්, වෙසක් කූඩු, කොඩි, වෙසක් කාඩ් ඇතුළු සැරසිලි ද එසේම රාමසාන් උපවාස සමය ඉලක්ක කරගෙන ආනයනය කළ ඇඳුම් පැළඳුම් ද අලෙවි නොවන තත්ත්වයක් උදා වී තිබේ.

මෙම ප්‍රහාරයට ප්‍රධාන පෙළේ කුළුබඩු‍ ව්‍යයාපාරිකයෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු වන ඉම්සාත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් සම්බන්ධ වීම ද මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සතු ගබ්සා පෙති, ලිංගික උත්තේජන පෙති සහ මත්පෙති තොග ගබඩාවක් කොළඹ ආදුරුප්පු වීදියෙන් සොයා ගැනීමත් මෙම තත්ත්වයට හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *