පාස්කු ප්‍රහාරයට තෙදිනකට පසු මෙරට ගිණුමකට අරාබියෙන් රු. කෝටියක්! ගිණුම්හිමියාගේ ව්‍යාපාර මෙන්ම ගනුදෙනුත් සැක සහිතලු!

August 3, 2019 at 12:19 pm | by emanisa.lk

පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවකින් සැකකටයුතු ලෙස රුපියල් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ බැංකු ගිණුමකට බැරවීමේ සිද්ධියකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කෝට්ඨාසය ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් මොහොමඩ් මිහයිල් මහතා ඉදිරියේ අද (02) කරුණු වාර්තා කර ඇත.

අංක 15, ඩී මෙල් මාවත, ඔෆ්කොරි පාර, දෙහිවල පදිංචි මොහොමඞ් ෆවුෂාන් නැමැති අයකුට අයත් මෙරට යකඩ ආශ්‍රිත නිමැයුම් කර්මාන්තායතනයක් වන පෙරික් ලංකා පුද්ගලික සමාගමට ඉකුත් 2019 අපේල් මස 24 වැනිදා මෙම මුදල බැර වී ඇත.

මෙම සමාගමේ හිමිකරු මොහොමඩ් ෆවුෂාන් නැමැත්තාගේ ව්‍යාපාර කටයුතු මෙන්ම පෞද්ගලික ගණුදෙනු ද අතීශය සැකකටයුතු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, පෙරික් ලංකා පුද්ගලික සමාගමේ සහ එහි අධ්‍යක්ෂකවරුන් සම්බන්ධයෙන් සියලුම බැංකු ගිණුම් වාර්තා කැඳවීම සඳහා නියෝග ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණී.

මෙම බී වාර්තාවට අනුව ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම්වලට අදාළ මූල්‍ය වාර්තා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස එම මූල්‍ය ආයතනවල කළමණාකරුවන් වෙත නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස