පාස්කු කමිටු විනිසුරු රවී කියන්නේ බොරු! ඇඳුම් චක්‍රලේඛය ගැන මම දැනුම්වත්! වෙනස් කරන්නෙත් නෑ! -ආණ්ඩුවේ මහතැන් නිලධාරීන් බිල්ලට දෙන අතර එක ඇමතිවරයෙක් සිය අදීන නිලධාරියා වෙනුවෙන් පෙනී සිටියි…. (video)

June 14, 2019 at 10:01 pm | by emanisa.lk

රාජ්‍ය නිලධාරීන්ගේ නිල ඇඳුම පිළිබඳ සිය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳ තමන් දැනුම්වත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

අද (14) මාධ්‍ය නැඟූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එය අලුත් දෙයක් නොව 1989 නිකුත් කළ චක්‍රලේඛයක් බවත් තමන් සිදු කළේ එය නැවත සිහිපත් කිරීමක් පමණක් බවත්ය.

මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු කාන්තාවන් සාරිය අඳින බවත් ජාතික අනන්‍යතාව තහවුරු කිරීම සඳහා එම චක්‍රලේඛය නිකුත් කළ බවත් පෙන්වා දුන් ඇමතිවරයා එය ඉවත් කරනොගන්නා බවත් උවමනා සංශෝධන කරන බවත් ප්‍රකාශ කළේය.

කෙසේ වුවද ඊයේ (13) පාස්කු කමිටුව වෙත සාක්ෂි දීමට කැඳවා සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි හමුවේ ඇමති රවී කරුණානායක ප්‍රකාශ කළේ අදාළ ඇමතිවරයා මෙම චක්‍රලේඛය පිළිබඳ නොදන්නා බවත් එය නිකුත් කළේ කාගේ අනුදැනුම මත ද යන්නය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස