පාස්කු කමිටුවේ විනිසුරු රවී බැඳුම්කර කොමිසමට බොරු කීවේ යැයි පවුල පිටින්ම රහස් පොලිසියට!

June 20, 2019 at 5:50 pm | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ජුලි මස 7 වනදා පෙරවරුවේ රවි කරුණානායකට සහ ඔහුගේ බිරිඳ වන මෙලරින් නිලන්ති කරුණානායකට රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කළේය.

එමෙන්ම රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායකට මේ මස 26 වනදා රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස