පාසල්වල ආරක්ෂාව සහතිකයි! ඒ වුණාට සඳුදා පටන් ගන්නේ ලොකු ළමයින්ට විතරයි!

May 4, 2019 at 9:56 pm | by admin

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසුන්ගේ අධ්‍යයන කටයුතු ලබන සදුදා දින ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම ශ්‍රේණිවල දරුවන් සඳහා දෙවන වාර අධ්‍යයන කටයුතු ලබන 13 වන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය.

06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු ලබන සඳුදා (06) යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය මෙම ආරක්ෂක සැලසුම ක්‍රියාවට නංවා තිබේ.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ආරක්ෂක මණ්ඩලය පාසල් ආරම්භ කිරීම සඳහා රටේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි පැවසූ බවත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය පමණක් නොව පාසල්වල ශිෂ්‍යභට කණ්ඩායම් ද පාසල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස