පාර්ලිමේන්තුවේ මුල් පෙළින් බැසිල් පසුපසට විසිවෙයි….!

May 5, 2022 at 8:28 am | by emanisa.lk

මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 33 වැනි ආසනය වෙන් කරනු ලැබ ඇත.

ඔහු එම ආසනයේ අසුන් ගෙන සිටිනු ඊයේ (04) දැකගත හැකිවිය.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර පාර්ලිමේන්තු සභාගර්භයේ අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයකය.

මේ අතර නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය ඊයේ ආණ්ඩු පක්ෂයේ ආසනයක පෙර පරිදි අසුන් ගෙන සිටිනු දැකගත හැකිව වූ අතර තමාට විපක්ෂයේ ආසනයක් පනවන්නැයි සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලීමක් කළේය. ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *