පාරවල් දිගේ බීඩි ගහන ටීම් එක එංග්ලන්ඩ් යැව්වේ ලක්ෂ 690ක් ගෙවලා වෙනම ප්ලයිට් එකක…! – ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුන් ද සිල්වා

June 29, 2021 at 5:52 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට පිටත් කළේ රු. මිලියන 64ක් වැයකර වෙන ම ගුවන් යානයකින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුන් ද සිල්වා පවසයි.

එසේ ම ඔවුන්ට හෝටලයෙන් පිටත ව්‍යායාම කිරීම සඳහා ප්‍රදේශයක් නම් කර ඇති බවත් ජනාකීර්ණ නොවන අවස්ථාවල එහි ගොස් ව්‍යායාම කිරීමට අවස්ථාව ලබා දී තිබූ බවත් හෙතෙම අවධාරණය කරයි.

එහෙත් නගරයට පිවිසීමට කිසිදු අවසරයක් ඔවුන් නොමැති බවත් කණ්ඩායමේ වෛද්‍යවරයා පවා මොවුන් හොර රහසේ නගරයට ගොස් ඇති බව නොදත් බවත් අර්ජුන් සොයිසා පෙන්වා දෙයි.

ඉන්දියානු කණ්ඩායමටත් කලින් එන්නත ලබා දී විශාල මුදලක් වැය කර ආරක්ෂිතව එංගලන්ත සංචාරයට එක්කළ පසු ඔවුන්ගේ හැසිරීම පිළිබඳ කනගාටුවක් සහ තරහක් ඇති වන බව මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *