පාකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී ටොන් 6000ක් ලංකාවට!

October 13, 2020 at 11:59 am | by emanisa.lk

පාකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීමට අද (13) කැබිනට් අනුමැතිය හිමි විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ විය.

පාකිස්ථාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.

කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ සම කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මෙම කැබිනට් මාධ්‍ය හමුවට එකතු වී සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස