ප්‍රහාරකයන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා!

April 21, 2019 at 4:04 pm | by admin

අද දින සිදුව ඇති ප්‍රහාරයන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින බවත් එයට වගකිවයුතු පුද්ගලයින් කවුරුන් වුවත් තරාතිරම නොබලා පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිවයිනේ ආගමික ස්ථාන කිහිපයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජයේ ඇමතිවරුන් සමග සාකච්ජා පැවැත්වූ බවයි අගමැතිවරයා වැඩි දුරටත් සැල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *