ප්ලැකනිල් සජිත් අහන්නේ මොන්ටිසෝරි ප්‍රශ්න…! සැමට එන්නත් දෙන්න කියල WHOවත් කියන්නේ නෑ…! – ලංසා…

March 23, 2021 at 10:46 pm | by emanisa.lk

රටේ සමස්ත ජනතාවට ම කොවීඩ් මර්දන එන්නත ලබා දිය යුතු බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නොකියන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ අසන්නේ මොන්ටිසෝරි ප්‍රශ්න බවට ද ඔහු චෝදනා කරයි.

කොරෝනා බෝවීමෙන් ගැළවීම සඳහා ප්ලැකනිල් බොන්න යැයි කීවේ සජිත් ප්‍රේමදාස බව ද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

ලංකාවේ ලක්ෂ 220ක් වන ජනතාවට එන්නත් කිරීම සඳහා ලක්ෂ 440ක් වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමට රජය සූදානම් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසූ අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *