පළාත් සභා හොඳ ද නැද්ද කියල පස්සේ හිතන්න…! දැන් ඡන්දෙ තියල පළාත් සභා සක්‍රීය කරන්න….! – පැෆරල්

January 3, 2021 at 9:34 am | by emanisa.lk

පළාත් සභා ක්‍රමය රටට ගැළපෙන්නේ ද නැද්ද යන්නෙන් විධිමත් සංවාදයක් පවත්වා තීරණයක් ගන්නා තෙක් කඩිනමින් මැතිවරණය පවත්වා පළාත් සභා යළි ස්ථාපිත කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

පළාත් සභා රටේ ප්‍රධාන පාලන තන්ත්‍ර හතරෙන් එකක් බවත් එය වසර තුනකට වැඩි කාලයක් අක්‍රිය වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුකාරවරයා හා නිලධාරීන් පිරිසකට දීර්ඝ කාලයක් පළාතක් පාලනය කිරීමට දීම නුසුදුසු ක්‍රියාවක් නිසා නව ක්‍රමයටද, පැරැණි ක්‍රමයට මැතිවරණය පවත්වන්නේ යන්න කඩිනමින් තීරණය කළ යුතු බව ඔහු පවසයි.

පළාත් සභා රටට සුදු අලියෙක් බවට පවසන අය එදා විපක්ෂයේ සිටිය දී මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් හඬ නැගූ අය බව ද හෙතෙම සිහිපත් කරයි.

පළාත් සභා පිහිටුවීමට මුල් වූ ඉන්දියාව සමග කලාපීය, ආර්ථික ආදී සාධක මත විධිමත් සංවාදයක් පවත්වා ඊට ගැළපෙන ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදීමෙන් ඊට පිළිතුරක් දිය හැකි බව සඳහන් කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *