පළාත් සභා මැතිවරණ දිගටම කල් දාන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා! – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි (video)

April 10, 2019 at 8:54 am | by admin

මේ වන විට පළාත් සභා නවයෙන් හතක්ම අක්‍රීය වී ඇතත් රටට ඉන් කිසිදු බලපෑමක් ඇති නොවී ඇති බවත් එහෙයින් පළාත් සභා රටට පලක් නොමැති අනවශ්‍ය බරක් පමණක් බව තහවුරු වන බවත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

පළාත් සභාවල මහජන නියෝජිතයන් 450ක් සිටින බවත් ඒ පිරිස නඩත්තු කිරීමට වසරකට රු. කෝටි 225කට වඩා මුදලක් වැය බවත් එහිමියෝ පෙන්වා දෙති. වසරකට පළාත් සභා නඩත්තු කිරීමට රු. කෝටි 500ක් පමණ ජාතික ධනයක් වැය වන බව පෙන්වා දෙන සෝභිත හිමි එම මුදලින් රටට කිසිදු ප්‍රතිලාභයක් නැති බව පවසයි.

ඉන්දියානු රජයේ බලපෑම් මත පළාත් සභා හඳුන්වා දුන්නේ ත්‍රස්තවාදයට විසඳුමක් ලෙස බවත් මේ වන විට ත්‍රස්තවාදය අවසන් වී ඇති නිසා පළාත් සභා අහෝසි කළ යුතු බවත් සෝභිත හිමි පවසයි. එසේ නැත්නම් පළාත් සභා මැතිවරණ දිගටම කල් දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සෝභිත හිමි වැඩි දුරටත් පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස