පහුගිය ජනවරම අහෝසියි…! වහාම ඡන්දෙකට යන්න..! සල්ලි හොයන හැටි මම කියන්නම්…! – හිටපු මැකො…

July 25, 2022 at 3:45 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය යන මැතිවරණ දෙකෙන්ම ලබා දී තිබූ ජනවරම මේ වනවිට අහිමි වී ඇතැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි.

ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මැතිවරණ පවත්වන්නේ නම් වියදම් කිරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය එයට නිදර්ශන බවත් ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය නිලධාරීන් කිසිදු දීමනාවක් නොගෙන මැතිවරණ රාජකාරියේ යෙදීමට සූදානමින් සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *