යහපාලන වසර තුනේ රුපියල බාල්දු වීමෙන් විදෙස් ණය ඩොලර් බිලියන 10කින් ඉහළ යයි! ඒ මුදලින් නොරෙච්චෝල බලාගාර 6ක් හම්බන්තොට වරාය 8ක් හදන්න තිබුණා !

March 27, 2019 at 6:24 pm | by admin

2015-2017 කාලය තුළ රුපියල අවප්‍රමාණ වීම නිසා රටේ විදෙස් ණය ප්‍රමාණය රු. බිලියන 626කින් හෙවත් ඩොලර් බිලියන 4කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි. මේ අතර පසුගියදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ 2018 වසරේ රුපියල අවප්‍රමාණ වීම නිසා විදෙස් ණය ප්‍රමාණය රු. බිලියන 800කින් හෙවත් ඇ.ඩො.බිලියන 4.5කට අධික ප්‍රමාණයකින් ඉහළ ගිය බවය.

2015 ජනවාරි 01 වනදා ඩොලරයක විකිණුම් මිල රු . 133.37 ක් වූ අතර එය 2017 දෙසැම්බර් 31 වන විට රු. 155.44 දක්වා රු. 22.07 කින් කින් අවප්‍රමාණ විය. 2018 වසරේ ඩොලරය රු. 155.44 සිට රු. 184.69 දක්වා රු. 29.25 කින් අවප්‍රමාණ විය. මේ අනුව 2015 සිට 2018 දක්වා රුපියල අවප්‍රමාණ වීම නිසා විදෙස් ණය ඩොලර් බිලියන 10කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙම මුදල් ප්‍රමාණය නොරෙච්චෝලේ විදුලිබලාගාරය වැනි බලාගාර 06ක් තැනීමට ද හම්බන්තොට වරාය මෙන් වරායවල් 08ක් තැනීමට ද ප්‍රමාණවත් මුදලකි. රජයේ විගණකාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ නොරෙච්චෝලේ විදුලි බලාගාරය ඒ සඳහා වියදම් කළ මුදල මෙන් 10 ගුණයකට වඩා ලාභ සොයා ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස