පරදින්න බලා ගෙන ජනමත විචාරණ තබනු..! – තිස්ස..

September 12, 2022 at 10:54 pm | by emanisa.lk

අභියෝග රැසක් මැද දිවි ගෙවන රටේ සාමාන්‍ය ජනතාවගේ මූලික ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණ නීති සංශෝධන, ව්‍යවස්ථා සංශෝධනවලට ප්‍රමුඛතාව ලබා දී ඇති බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටී ඇති බවයි.

විදේශ සංචිත සම්බන්ධයෙන් තවමත් දැවැන්ත අර්බුදයක් තිබෙන බවත්, ණය ආධාර ලබා ගැනීමද තවමත් අභියෝගයක් වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මැතිවරණ නීති සංශෝධනය සඳහා පාර්ලිමේන්තුව අවසර ලබා නොදෙන්නේ නම්, ජනමත විචාරයක් කරා යාමට සිදුවන බවට ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සිහිපත් කරන තිස්ස අත්තනායක  පවසන්නේ ජනතාව ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක් නොව මහ මැතිවරණයක් බවයි.

වත්මන් විකෘති පාර්ලිමේන්තුව වෙනුවට සැබෑ ජනතමය නියෝජනය කරන පාර්ලිමේනතුවක් නිර්මාණය කිරීම හරහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවද අත්තනායක අවධාරණය කරයි.

එසේ නොකර ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් වන්නේ නම් ජනමත විචාරණයේදී ජනාධිපතිවරයාගේ මතය පරාජය කිරීම සඳහා ජනතාව මෙහෙය වන බව ද මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස