පන්දුව අහුලන්න ගිය සිසුවාට වෛද්‍යවරයාගෙන් වෙඩි ප්‍රහාරයක්!

November 23, 2020 at 11:48 am | by emanisa.lk

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

මෙම සිදුවීම ඊයේ සවස සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි මේ සිසුවා පන්දුව අසල වත්තකට යාම නිසා එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණපා ඇති බව වාර්තා වෙයි.

මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකි. මහරගම පොලිසිය විසින් ඔහුඅත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා අද දිනයේ දී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස