නිසි නඩත්තුවක් නැතිව රාජ්‍ය ආයතනවල වාහන 9704ක් දිරයි!

September 4, 2020 at 8:21 am | by emanisa.lk

නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් රාජ්‍ය ආයතනවල වාහන 9704ක් දිරාපත් වෙමින් තිබෙන බව අනාවරණය වී ඇත.

මේ අතරින් වාහන 4116ක් අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින බවද තවත් වාහන 5588ක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ තිබෙන බවද හඳුනාගෙන ඇතැයි ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ පැවැසුවේය.

භාවිතයට ගත හැකි වාහන අලුත්වැඩියා කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවලට මුදල් නොමැති නම් ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිපාදන ලබා දෙන බව ද හෙතෙම කියයි.

මෙසේ අලුත්වැඩියා කරන වාහන, වාහන නොමැති ආයතනවලට මුදල් අමාත්‍යාංශය මගින් විධිමත් ලෙස ලබා දීමටද තීරණය කර ඇත.

අලුත්වැඩියා කළ නොහැකි වාහන 5588 විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමටත් ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස