ලංකාව නිව් ඩයමන්ඩ් නෞකාවෙන් රු. බිලයන 3ක වන්දියක් ඉල්ලයි…! සියලු ලේඛන නීතිපති නැව් සමාගමට යොමු කරයි…!

April 9, 2021 at 1:18 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ දී අනතුරට ලක්ව තෙල් කාන්දුවක් සිදුවූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකාරීත්වයෙන් රුපියල් බිලියන 3.423 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 19.022) අයකර ගැනීමට අවශ්‍ය ලේඛන නීතිපතිවරයා විසින් ඉදිරිපත්කර තිබේ.

එම ලේඛන අදාළ නැව අයත් සමාගමේ නීතිඥවරුන්ට භාරදුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න පවසයි.

2020 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ දී ඉන්ධන රැගත් MT නිව් ඩයමන්ඩ් නෞකාව අනතුරට ලක්වීමෙන් තෙල් කාන්දුවක් සිදුවිය.

තෙල් කාන්දුව හේතුවෙන් සිදු වූ සාගර දූෂණය වෙනුවෙන් එම මුදල ගෙවන ලෙස නීතිපතිවරයා විසින් අදාළ නීතිඥවරුන් මාර්ගයෙන් නැව් සමාගමට දැනුම්දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *