නිලධාරීන්ගේ කොරෝනා මර්දන වැඩපිළිවෙළට අකුල් හෙළන්න බෑ! අසත්‍ය චෝදනා කරමින් වීඩියෝ මුදා හැරියොත් අත්අඩංගුවට!

April 1, 2020 at 3:20 pm | by emanisa.lk

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීම සඳහා උපරීම කැපවීමෙන් ක්‍රියා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින්, සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප‍්‍රකාශ අන්තර් ජාලය තුළ ප‍්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත පවසයි.

රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් කරන රාජකාරි විවේචනය කරමින්, ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය වීඩියෝපට හා අන්තර්ජාලය තුළ ප‍්‍රසිද්ධි කර ඇති බවට තොරතුරු හෙළි ඇති බවත් ඒ අනුව මෙම පියවර ගත්බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

එවැනි වීඩියෝපට අන්තර්ජාලයට මුදා හරින තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිමය පියවර ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස