නැඟෙනහිර ජැටිය රැකගැනීම 2015 විජාතික කුමන්ත්‍රණයට එරෙහි ජයග්‍රහණයක්…! – ගෙවිඳු

February 3, 2021 at 1:05 pm | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙහිර පර්යන්තය රැක ගැනීමට හැකිවීම 2015 මව්බිමට එරෙහිව දියත් වූ විජාතික කුමන්ත්‍රණයට එරෙහිව ලද සුවිශේෂ ජයග්‍රහණයක් බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

2015 විජාතික කුමන්ත්‍රණය සිදු නොවන්නට නැඟෙනහිර ජැටිය රැකගැනීමේ සටනක් පිළිබඳ කතා කිරීමට සිදුනොවන බව ද ඔහු සඳහන් කළේ ය.

එම සටන වෙනුවෙන් පෙළ ගැසුණු සියලු වරාය වෘත්තීය සමිතිවලටත්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රමුඛ සියලු ජාතික සංවිධානවලටත් ස්තූති කළ ගෙවිඳු කුමාරතුංග එම හඬට කන් දී රටේ අනාගතය වෙනුවෙන් ඒ ජනමතය සමඟ සිටගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ වෙත සිය ප්‍රණාමය පුද කරන බව ද ප්‍රකාශ කළේ ය.

එසේ ම මෙම නැඟෙනහිර ජැටිය ඉදි කිරීම ආරම්භ කළේ හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ බව සිහිපත් කළ ගෙවිඳු කුමාරතුංග එදා එම අභීත තීන්දුව නොගන්නට අද අපට නැඟෙනහිර ජැටියක් නොමැති බව ද පෙන්වා දුන්නේ ය.

2015 විජාතික කුමන්ත්‍රණය සමඟ රටේ ස්වාධීනත්වය පිළිබඳ අදහස් මාලාවක් සමඟ යුතුකම බිහි වූ බවත් මෙම තීන්දුව සමඟ වෘත්තීය සමිති වගකීමෙන් කටයුතු කරමින් වරාය තව තවත් ශක්තිමත් කරමින් ඉහළට ඔසවා තැබීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

අද (03) තලවතුගොඩ Grand Monarch හොටෙල් ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස