ලිට්රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව වැඩි මිල ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවට වාසිදායක ඕමාන සමාගමට දීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසයි.
තායිලන්තයේ සියම් ගෑස් ආයතනයට දීර්ඝ කාලීන ගිවිසුම ලබා දීමට යෝජනා තිබිණි. තායිලන්ත සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 112 ක ද, ඕමාන් සමාගම ඩොලර් 129 ක ලංසුවක් ඉදිරිපත් කර තිබිණි.
තායිලන්ත සමාගම මෙට්‍රික්ටොන් 6000 කට පමණක් මිල ඉදිරිපත් කර තිබීම ප්‍රශ්නයක් බවයි සභාපතිවරයා පවසන්නේ. මෙහි දී බොහෝ විට සිදු කරන්නේ අනතුරුව ගෑස් මිල අධික ලෙස නංවාලීමය.
කෙසේ වුව ද ඕමාන සමාගම ප්‍රධාන නෞකාව මාලදිවයිනේ නැංගුරම්ලා එතැන් සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර මාස හතරකට ගෑස් මෙට්රික්ක්ටොන් ලක්ෂයක් ලබා දීමට ඉදිරිපත් කර ඇති බව ද මුදිත පීරිස් හෙළි කළේය.