නවකවධ වෙසින් එන ලිංගික හිංසා, ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට! සරසවි වරම් ලද 2000ක් සරසවි අතැර ගිහින්!

September 15, 2019 at 1:24 pm | by emanisa.lk

නවකවධය හේතුවෙන් 2017-2018 වර්ෂවලදී ලියාපදිංචි විශ්වවිද්‍යාල සිසුන් 1989ක් විශ්වවිද්‍යාල හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

2017 වසරේදී සිසු සිසුවියන් 29368ක් ද, 2018 වසරේදී සිසු සිසුවියන් 30101ක් ද සරසවි වරම් ලබා ඇත. මෙලෙස බඳවාගත් සංඛ්‍යාව සහ හැර ගිය සංඛ්‍යාව සැසඳීමේදී එය විශාල පිරිසක් බව කොමිෂන් සභාවේ අදහසයි.

නවකවධයේදී ලිංගික හා ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීම හේතුවෙන් මෙලෙස සිසු සිසුවියන් විශ්වවිද්‍යාලය හැර යමින් පවතියි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නවකවධය පිළිබඳ පැමිණිලි වාර්තා කිරීමට මධ්‍යස්ථානයක්, වෙබ් පිටුවක්, දුරකථන අංකයක් හඳුන්වා දුන් අතර ඊමේල් ලිපිනයක්ද හඳුන්වා දී තිබේ. ලිඛිත පැමිණිලි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළ හැකිය.

නවකවධය පිළිබඳ පැමිණිලි මේ වන 700කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇත. එම පැමිණිලි අදාළ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට යොමුකර විසඳුම් ලබා දීමට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස