දෝෂාභියෝගයකින් ජනපති මෛත්‍රී පන්නා රනිල් ජනපති කරන්න ජවිපෙ සූදානම්!

February 10, 2019 at 10:37 am | by admin

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මහතා රට පාලනය කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත පෙන්වා දෙයි.

රටේ නීතියේ පාලනය පිහිටුවීමට නම් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි කී හෙතෙම ඒ සඳහා දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු යැයි ද පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු වරට කඩ කළ බවට සහතික වූ බවත් ඒ දිනයේම ජනාධිපතිවරයා ගෞරවාන්විතව අස්විය යුතුව තිබුණු බවත් ලාල්කාන්ත සඳහන් කරයි.

කිසියම් හේතුවක් නිසා ජනාධිපතිවරයාට ධුරට අහිමි වුවහොත් 19 වෙනි සංශොධනය අනුව ඉතිරි සම්පූුර්ණ ධුර කාලය අගමැතිවරයා ජනාධිපති ලෙස කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *