දේශීය කර්මාන්ත නංවන්න ඇමති ප්‍රසන්න රට පුරා යයි! බිබිල වේවැල් කර්මාන්තකරුවන්ට අත දෙන්න සූදානම්!

September 5, 2020 at 12:44 pm | by emanisa.lk

ඇමති ප්‍රසන්න රණවීර තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේය.

බිබිල නාගල ප්‍රදේශයේ වේවැල් කර්මාන්තයේ නිරතව සිටින ශිල්පීන් පිළිබඳව සොයා බැලීමට ගියෙමි.

අති දක්ෂ පාරම්පරික ශිල්පීන් මෙම කර්මාන්තයේ නිරතව සිටිනමුත් ඔවුනට අවශ්‍ය වේවැල් සපයා ගැනීමේ සහ නිෂ්පාදන සදහා සුදුසු මිලක් ලබාගැනීමේ ගැටළු දක්නට ඇත.

මෙම ශිල්පීය දැනුම ඉදිරි පරම්පරාවට ලබාදීමත් මා සතු වගකීමක් බැව් අවබෝධ කරගෙන සිටිමි.

කොහොම නමුත් රජයේ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කොට ශිල්පීන් මුහුණ දෙන ගැටළු මගහරවා ගැනීමට ගතහැකි සියළු පියවර ගනිමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස