දේශපාලන පළිගැනීම්වලට නඩු පවරන්න බලපෑම් කළ දේශපාලකයන් හෙළි කරන්න? – අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂට ජනපති කියයි….

September 21, 2019 at 9:50 pm | by emanisa.lk

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වුයේ තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් නිසාවෙන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (21) ප්‍රකාශ කළේය. ඒ ආරක්ෂක අමාත්‍යවරය ලෙස තමන්ගේ අනුදැනුමකින් තොරව හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් අධිකරණයට රැගෙන යාම සිද්ධිය හේතුවෙන් බව ද හෙතෙම හෙළි කළේය.

මිට මාස කිහිපයකට පෙර අගමැතිවරයා විසින් තමන්ට ලිපියක් යොමු කරමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් හට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකළ බවත් මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හිටපු අධ්‍යක්ෂක ජෙන්රාල්වරියගේ හඬ පටය අනුව ඇය එවැනි තනතුරක් දැරීමට සුදුසු නොවන තහවුරු ද වන බව ද ජනාධිපතිවරයා පවැසීය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ලෙස කටයුතු කරන සමයේදී ඇය විසින් ගොනු කර ඇති නඩු දේශපාලන පළිගැනීම් උදෙසා සිදුකර ඇති බවට දැන් හෙළිවී ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ලෙස කටයුතු කල ඇය සවස 6.00 න් පසුව අරලියගහ මන්දිරයේ දුෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ද සේවය කළ බව පැවසූ ජනාධිපතිවරයා රජයේ වැදගත් තනතුරු දරන අය තමන්ගේ තනතුරු උපයෝගී කර ගනිමින් සිදුකර ඇත්තේ වැරදි ක්‍රියා බව දැන් හෙළිවී ඇති බවත් සඳහන් කළේය.

මාධ්‍යයට නිකුත් වී ඇති හඬ පටයේදී තමන්ට “පාදඩ දේශපාලනය නිසා මෙවැනි නඩු පැවරීමට සිදුවූ බවට” ප්‍රකාශ කර ඇති නිසා එවැනි වැරදි නඩු පැවරීමට තමන්ට බලකළ දේශපාලඥයින් කවුරුන්ද යන්න රටට හෙළි කළ යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස