දුමින්ද සිල්වා නිදහස් කිරීමට ජිනීවාහි විරෝධය…!

September 14, 2021 at 7:35 am | by emanisa.lk

ජගත් මානව හිමිකම් කොමිසමේ 48 වැනි සැසිවාරය අද (12) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ කෙරිණි.

ආරම්භක දිනයේදීම මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වය විවේචනය කර තිබේ.

මරණ දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්දයෙන් අප්‍රසාදය පළකර ඇති මහ කොමසාරිස්වරිය, දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක්කිරීමක් ලෙස හඳුන්වා තිබේ.

2008-2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමට අදාලව නඩු විභාගය ඉදිරියට ගෙනයාමෙන් වැළකී සිටීමට නීතිපතිවරයා ගත් තීන්දුව මෙන්ම සිවිල් හා මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ කටයුතු නිරීක්ෂණය කිරීම හා ඔවුන්ගේ කටයුතුවලට සිදුවන අනිසි මැදිහ්තවීම් සම්බන්ධයෙන්ද මිෂෙල් බැෂ්ලේගේ අප්‍රසාදයට ලක්විය.

මීට අමතරව රජය ගන්නා ඇතැම් ක්‍රියාකාරකම් හා තීන්දු හේතුවෙන් මිලිටරිකරණය ඉහළ යන ආකාරයක් දක්නට ලැබෙන බවද ඇය පවසා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර සැසිවාරයේදී සම්මත කරගත් 46-1 යෝජනාව පරිදි සිය කාර්යාලය විසින් ඉදිරි පියවර අනුගමනය කරමින් සිටින බවත් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය කිසි ලෙසකින් හෝ අඩුවී නොමැති බවත් මහ කොමසාරිස්වරිය අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *