දුමින්දට වගේ රංජන්ටත් සමාව දෙන්න….! – සාධාරණ කරූගෙන් ජනපතිට ලිපියක්…

July 2, 2021 at 7:32 am | by emanisa.lk

බොහෝ සිරකරුවන්ට අදාළව උණු වන ජනාධිපතිවරයාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණු වේවා යැයි ප්‍රාර්ථනා කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය පවසයි.

තාමාට ගත හැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් සහ සම්ප්‍රදායන් යොදා ගනිමින් රන්ජන් රාමනායක වෙත ද ජනාධිපති සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින බව පෙන්වා දෙන කරු ජයසූරිය එම ඉල්ලීම ජනතාව අතරින් ඉදිරිපත් වන අභියාචනයක් ලෙස සලකන්න යැයි ද ඉල්ලා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *