දුම්රිය රියදුරා පාටියකට ගිහින්…! දුම්රිය පැය තුනක් මහව ස්ටේෂමේ….!

February 14, 2021 at 8:37 pm | by emanisa.lk

චීනවරායේ සිට සීදූවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි නියාමක ගමන්වාරය ඇරඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට පිටත් වූ පිටි සහිත දුම්රිය රියදුරකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව වාර්තා වේ.

මහව සිට එම දුම්රිය ගෙන යාමට නියමිතව සිටි දුම්රිය රියදුරු ඊට පෙරදින සමාගම විසින් සංවිධානය කළ සාදයකට සහභාගී වීමෙන් මේ තත්ත්වය උදා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි’

එම ව්‍යාපෘතියේ නියාමක ගමන් වාරයන් යෑම දුම්රිය නියාමක සංගමය මුල් අවස්ථාවේ දී ප්‍රතික්ෂේප කළ පසුව අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසු එම සංගමය මෙම ව්‍යාපෘතියට කැමැත්ත පළ කර තිබේ’

එලෙස කැමැත්ත පළ කිරිමෙන් පසුව 11 වැනිදා දුම්රිය නියාමක සංගමයේ පිරිසක් හා දුම්රිය රියැදුරන් පිරිසක් ත්‍රිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී  සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය ප්‍රමාදයට හේතු වූයේ ද එම සාදයට අදාළ දුම්රියේ රියැදුරු ද සහභාගී වී තිබීම නිසා යැයි පැවැසේ.

මෙම පිරිස නිලවෙලි හෝටලයට ගොස් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් රථයක් හා කැබ් රථයකින් බවද වාර්තා වේ.

මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස