දැන් කොවිඩ්වලින් පැයට 04ක් මැරෙනවා…! තත්ත්වේ ටිකක් හොඳ වෙනකල් විරෝධතා නවත්වනවා…! – පස්යාලේ නැවතුණු ගුරු සංගම්…

August 7, 2021 at 12:56 pm | by emanisa.lk

වැටුප් වැඩි කරන ලෙස සිදුකළ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.

එම වෘත්තීය සමිතිය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන ද අද (07) පස්යාල ප්‍රදේශයේ දී අත්හිටුවීමට තීරණය කෙරිණි.

කොවිඩ් අවදානම හේතුවෙන් බොහෝ පාර්ශ්වවල ඉල්ලීම් මත එම තීරණය ගත් බව එහිමියෝ පැවසූහ.

“ඊයේ දවස වන විට විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය ගුරු – විදුහල්පතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා පවතින තත්ත්වය යටතේ වෘත්තීය ක්‍රියා මාර්ගය ආපස්සට ගන්න කියලා.

කොවිඩ් වසංගතය අද ව්‍යවසනකාරී තත්ත්වයකට ඇවිල්ලා පැයකට 4 දෙනෙක් මිය යන තත්ත්වයට පත්වුණේ ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී ක්‍රියා පිළිවෙළ නිසා.

ආණ්ඩුව මේ ව්‍යාප්ත වුණ කොවිඩ් රැල්ල ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගොඩට දාලා ඇඟ බේර ගන්න හදනවා. මෙය තේරුම් ගත් අපි මෙම ව්‍යාපාරය තාවකාලිව නතර කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *