ගුරු විරෝධතාවේ දී අත්අඩංගුවට ගත් පිරිස එතෙක් කොවිඩ් ආසාදිතයින් නෙමෙයි…! හැමෝම ගුරුවරුත් නෙමෙයි…!

August 5, 2021 at 11:21 am | by emanisa.lk

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති ගුරු – විදුහල්පති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා එතෙක් කොවිඩ් -19 ආසාදිතයින් නොවන බවට ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වී තිබේ.

මෙම 44 දෙනාට ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16ක් සහ වෙනත් පුද්ගලයින් 6 දෙනෙකු ඇතුළත්ය.

ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

එම සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *