ද්විත්ව පුරවැසිකමට එරෙහි වුණ මට ජනාධිපති බැන්නා…! – බෙංගමුවේ නාලක හිමි…

June 28, 2021 at 7:35 pm | by emanisa.lk

විසි වන සංශෝධනයේ තිබූ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් වහන්සේට දොස් පැවරූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ඔවුන් කල්පනා කරන්නේ ඔවුන්ගේ මට්ටමෙන් මිස රටේ මට්ටමින් නොවන බව ද උන්වහන්සේ පැවසූහ.

ද්විත්ව පුරවැසිකම තබාගෙන මෙරට ඇමතිකම් අගමැතිකම් හෝ ජනාධිපතිකම් දරන්නේ මන්දැයි උන්වහන්සේ විමසති.

ද්විත්ව පුරවැසිභාවය සහිතව එම තනතුරු දැරීමෙන් ප්‍රයෝජනයක් වන්නේ රටට නොව එම පුද්ගලයාට බවත් කිසියම් ප්‍රශ්නයක් වූ පසු වූ වහාම එම රටට යා හැකි බවත් උන්වහන්සේ කියා සිටිති.

එනිසා ද්විත්ව පුරවැසිකම සහිතව රටේ පාලන තන්ත්‍රයට ඉඩ හදා ගැනීමම බරපතළ වරදක් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස