දළදා මාළිගාව ළඟින් හරක් ලොරි පිටින් රැගෙන යාම දළදා හිමියන්ට අගෞරවයක්! මාළිගාව ඉදිරිපිට පාර වහලා වෙන පාරක් හැදුවේ ඒ නිසායි! – මහින්ද

July 31, 2020 at 11:17 am | by emanisa.lk

දළදා වහන්සේ වැඩ වාසය කරන මාළිගාව ඉදිරිපිට මාර්ගයේ මස්කඩ හිමියෝ මස් පිණිස හරක් සහ වෙනත් සතුන් ලොරි පිටින් රැගෙන යාම අනුමත කළ නොහැකි නිසා එම මාර්ගය වසා දමා විකල්ප මාර්ගය ඉදි කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (30) මහනුවර විද්වත් හමුවක් අමතමින් අගමැතිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“බෝගම්බර හිර ගෙදර පැවති භූමියේ හෝටලයක් ඉදිකරන බවට ප්‍රචාරය වන කතා බොරු. දළදා වහන්සේ වැඩ වාසය කරන මහනුවර නගරයේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් ලොව වැඩිම අගයක් සහිත සංස්කෘතික නගර අතරට ගෙන ඒම පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අපේක්ෂාවයි.

බෝගම්බර ඉඳලා උමං මාර්ගයක් ඉදිකරලා මහනුවර නගරයේ වාහන තදබදය තව දුරටත් අඩු කරන්න අපි පියවර ගන්නවා. මේ සියලු කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3ක බලයක් ලබාදෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස