දහස් ගණන් සංචාරකයෝ ලංකාව අතහැර පළා යයි! සමහරු කටුනායකට පැමිණ ඊළඟ යානයෙන් රටෙන් පිටවෙයි!

April 24, 2019 at 3:41 pm | by admin

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි සංචාරකයන් බොහෝ පිරිසක් මේ වන විට රටින් පිටවෙමින් සිටිති. කටුනායක පිටවීමේ පර්යන්තයේ දැඩි තදබදයක් තවමත් පවතින බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන සංචාරකයන් කටුනායකට පැමිණ ඊළඟ ගුවන් යානයෙන් ලංකාවෙන් පිටව යන තත්ත්වයක් දක්නට ඇති බවත් කටුනායක ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ දක්වා ලංකාවෙන් පිටවීමට මගී ඉල්ලුම අනුව ඔවුන් රැගෙන යාම වෙනුවෙන් නිශ්චිත කාලසටහනට අයත් නොවූ ගුවන් යානා දෙකක් (Charter Flights) දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වෙයි.

බොහෝ දෙනා සිය සංචාර අවලංගු කර දමා ඇති බව ප්‍රකට සංචාරක වෙබ් අඩවි නිරීක්ෂණයේ දී තහවුරු වෙයි.

මෙම ඡායාරූපය දවස් දෙකකට පෙර ලබා ගත් එකකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස