දඹානෙත් ගෙයක් ගෙයක් ගාණේ කොවිඩ්…..! දැනට ම 1200කට කොවිඩ් වැළඳිලා…!

September 6, 2021 at 8:29 am | by emanisa.lk

දඹානේ වැදි ජනතාව අතරින් 1200කට ආසන්න පිරිසකට කොවිඩ් රෝගය වැළඳි ඇති බව වැදි නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා පවසයි.

පවුල් 46ක සාමාජිකයන්ට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඒ සියලු දෙනා නිවෙස් නිරෝධායනයට යොමු කොට ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් වසංගතය දඹානේ පැතිරී යාම ආරම්භ වූ මොහොතේ සිට වෛද්‍ය කණ්ඩායම් දිගින් දිගට ම දඹානට පැමිණෙමින් ඒ පිළිබද සොයා බැලූ බව ද මුතුබණ්ඩා කීය.

කොවිඩ් රෝගය හේතුවෙන් වැදි නායකයාගේ බිරිය ද පසුගියදා මියගොස් තිබිණි. ඈ වකුගඩු ආශ්‍රිත රෝගයකින් දිගු කාලීනව පීඬා විඳි බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *