දමිතා බලන්න ගියත් උතුම් පුරුෂයෙක් වෙනවා…!

October 3, 2022 at 2:10 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා කිසිදු වැඩක් නැති පට්ට හොරුන් යැයි පසුගිය සමයේ අරගලකරුවන් ප්‍රකාශ කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

ඊට නායකත්වය දුන් දමිතා අබේරත්න, සජිත් ප්‍රේමදාස යනු උතුම් පුද්ගලයෙකු බව ප්‍රකාශ කරන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.

රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේ, සජිත් ප්‍රේමදාස හොඳ පුද්ගලයෙකු ලෙස දමිතා විසින් හඳුන්වන්නේ ඈ බැලීමට බන්ධනාගාරයට ගිය නිසා සහ නඩුවට නීතීඥ සහාය ලබා දුන් නිසා බවය.

යම් පුද්ගලයෙකු උතුම් වීම සඳහා කළ යුත්තේ දමිතා බලන්න බන්ධනාගාරයට යෑම සහ නීතීඥ සහාය ලබා දීම යැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *