තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින්ට රජ සැප…! තිදෙනෙක් නඩත්තුවට කෝටි 02ක්..!

January 13, 2023 at 7:43 pm | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින් තිදෙනෙකු ආයතනයේ සියලු නීතිරීති නොතකා කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

මොවුන්ට ආයතනයේ කැබ් රථ සමග රියදුරන් ලබා දී ඇතැයි සේවකයෝ චෝදනා කරති.

සේවයෙන් නිදහස් කර සිටින මෙම වෘත්තීය සමිති නායකයින් අතීකාල දීමනා ද ලබන අතර ඉන්ධන දීමනාවක් ද ලබන බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

මොවුන් තිදෙනා නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 2කට අධික මුදලක් දැරීමට සිදුව ඇතැයි ද දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *