තෙල් පිරිපහදුවට මුල්ගල් තිබ්බට ආයෝජන ගිවිසුමක් තවම නෑ! ඩොලර් බිලියන 4ක් ආයෝජනය කරන සමාගමේ අයිතිකාරයෙක් නෑ!

April 3, 2019 at 10:52 am | by admin

අගමැති රනිල් වික්‍රමසිංහගේ 70 වෙනි උපන් දිනය සමරමින් මුල්ගල් තැබූ ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය ලෙස හඳුන්වා දුන් හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා මෙතෙක් බදු ගිවිසුම් අත්සන් කර නොමැති බව ඊයේ (02) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතර හෙළිදරව් විය. ඒ පිළිබඳ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති ප්‍රශ්න කළ අතර මෙතෙක් ගිවිසුම අත්සන් කර නොමැති බව ඇමති මලික් සමරවික්‍රම පිළිගත්තේය.

එපමණක් නොව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා ලෙස හඳුන්වා දුන් සිංගප්පූරුවේ සිල්වපාර්ක් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුුතු කළ ජගත්රාක්ෂකන් ස්වාමිකන්නු ඉන්දීය මාධ්‍ය වෙත තමා එම සමාගමෙන් වසරකට පෙර ඉල්ලා අස් වූ බව ප්‍රකාශ ඇතැයි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඇමති මලික් සමරවික්‍රම හෝ ආණ්ඩු පක්ෂයේ කිසිවකු එය ප්‍රතික්ෂේප කළේ ද නැත.

මෙයට පෙර ජගත්රාක්ෂකන් ස්වාමිකන්නු රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙතෙක් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවසන් තීරණයක් ගෙන නොමැති බව සහ අවසන් ගිවිසුම සකස් කිරීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස