තෙල් නෑ කියල අධ්‍යාපනය නවත්වන්න බෑ..! යාපනේ දරුවන් පාපැදියෙන් පාසලට..!

June 26, 2022 at 12:57 pm | by emanisa.lk

මේ දිනවල ඉන්ධන හිගය නිසා පාසල් අධ්‍යාපන කටයුතු අඩාල වෙමින් තිබේ.

ඒ ගුරුවරුන් මෙන් ම දරවන් ද යතුරු පැදි, ත්‍රීවිල් සහ පාසල් වෑන් රථවලින් පාසලට පැමිණීමට පුරුදු වී සිටි නිසා පමණක් නොව විකල්ප ක්‍රමවේද වෙත අනුගත වීමට දක්වන අකමැත්ත නිසාවෙනි.

කෙසේ වුව ද උතුරු නැඟෙනහිර පාපැදි භාවිතයෙන් පාසල් වෙත දරුවන් මෙන් ම ගුරුවරුන් ද පැමිණීම නිසා එහි අධ්‍යාපන කටයුතුවලට ඉන්ධන හිඟය සිදුවන බලපෑම අවම වී තිබේ.

මෙහි දැක්වෙන්නේ යාපනය හින්දු විද්‍යාලයේ දරු දැරියන් සිය අධ්‍යාපන කටයුතු සඳහා පාසලට පැමිණෙන ආකාරයයි.

අපේ අධ්‍යාපනය තීන්දු කිරීමේ අයිතිය පෙට්‍රල්වලට ලබා නොදෙන බව ඔවුන් සිය ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *