පාපැදියෙන් වැඩට ආවොත් දීමනාවක්..! මාර්ගවලට පාපැදි මංතීරු..! කැබිනට් පත්‍රිකාව එයි…!

January 27, 2022 at 5:50 am | by emanisa.lk

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩසටහනක් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

වායු දුෂණය අඩු කිරීම කාලය අපතේ යාම වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන රෝග පාලනය කිරීම ඇතුළු තවත් කාරණා ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

වාහන තදබද ඇති විට එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් අහිමි වන බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බවත් ඔහු සඳහන් කළේය.

පාපැදිය භාවිත කිරීම මගින් සෑම කිලෝමීටරයකට ම රුපියල් 236 ඉතිරි කළ හැකි බවත් එමගින් රජයට රුපියල් 339ක ලාභයක් ලැබන බවත් ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *