තිළිණි වෙනුවෙන් අධිකරණ ඇමැතිගේ පුතා අධිකරණයට…!

October 19, 2022 at 8:14 pm | by emanisa.lk

මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ කනිෂ්ඨ නීතීඥ මණ්ඩලය අධිකරණය පෙනී සිට තිබේ.

ඒ තිළිණිට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි සලකා බැලූ අවස්ථාවේය.

එහි දී Skype තාක්ෂණය ඔස්සේ සැකකාර තිළිණි ප්‍රියමාලි අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ස්ථිර මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙනුවට වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා කටයුතු කළේය.

එහිදි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධාන කණිෂ්ඨ නීතිඥයෙකු වන දසුන් නාගස්හේන නීතිඥ මණ්ඩලය මෙහෙය වනු ලැබූ අතර අමාත්‍යවරයාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ ද මෙම නීතිඥ මණ්ඩලයට ඇතුළත් වීම බොහෝ දෙනාගේ මවිතයට හේතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *